
බද්දේගම ද්විත්ව ඝාතනයට තිදෙනෙකු අත්අඩංගුවට
බද්දේගම ඇත්කඳුර ප්‍රදේශයේදී දෙපිරිසක් අතර ඇති ආරවුලක් හේතුවෙන් පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පසුගිය පෙබරවාරි 27 වනදා තියුණු ආයුධයකින් පහර දීඑම ඝාතනය සිදුකර තිබුණා.
සැකකරුවන් අවුරුදු 21, 33 හා 41 යන වයස්වල පසුවන බටපොල හා ඇත්කඳුර ප්‍රදේශවල පදිංචිකරුවන් වනවා.