බදු නොගෙවන පුද්ගලයින් ගැන රජය ගත්ත තීරණය

බදු නොගෙවන පුද්ගලයින් ගැන රජය ගත්ත තීරණය

මෙවර අයවැය යෝජනාවලිය අවසානයේ බදු පරිපාලනය වැඩිදියුණු කිරීම සහ බදු ප්‍රතිපත්ති සංශෝධන යෝජනා ඇතුළත් කර තිබෙනවා.

එහිදී 2017 අංක 24 දරණ දේශීය ආදායම් පනතට සංශෝධන රැසක් ඉදිරිපත් කර ඇති බව සඳහන්.

ඒ අතර අවස්ථා කිහිපයකදී බදු ගෙවන්නා හඳුනාගැනීම අංකයක් ඇතුළත් සහතික පිටපතක් ඉදිරිපත් කිරීම අනිවාර්ය කර තිබෙනවා.

ඒ අනුව ඕනෑම බැංකුවක ජංගම ගිණුමක් විවෘත කිරීමේදී, ගොඩනැගිලි සැලැස්මක් සඳහා අනුමැතිය ඉල්ලා සිටින විටෙක ඉල්ලුම්කරු විසින්, මෝටර් රථයක් ලියාපදිංචි කරන බලපත්‍රය අලුත් කරන අවස්ථාවක හිමිකරු විසින්, ඉඩමක් හෝ ඉඩමක හිමිකම ලියාපදිංචි කරන විටක ගැනුම්කරු විසින් එම පිටපත් ඉදිරිපත් කිරීම සිදු කළ යුතු බව සඳහන්.

මීට අදාළ මාර්ගෝපදේශ දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් විසින් නිකුත් කිරීමට නියමිතව තිබෙනවා.

Share This