බන්ධනාගාරගතව සිටින පොඩි ලැසී ළඟ සඟවාගත් ජංගම දුරකථනයක්
බුස්ස අධිආරක්ෂිත බන්ධනගාරයේ සිටින ජනිත් මධුශංක නොහොත් පොඩි ලැසි භාවිතා කළ ජංගම දුරකථනයක් ඇතුළු උපාංග කිහිපයක් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් භාරයට ගෙන තිබෙනවා
ඊයේ දිනයේ (08) විශේෂ කාර්ය බලකාය බුස්ස බන්ධනාගාර කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව නිලධාරීන් කණ්ඩායමක් විසින් පොඩි ලැසි රඳවා සිටින බුස්ස අධිආරක්ෂිත බන්ධනගාරයේ විශේෂ අංශයේ A කොටසේ අංක 42 සිරමැදිරියේ සිදු කළ හදිසි පරික්ෂා කිරීමේදී අදාළ උපාංග සොයා ගෙන ඇත්තේ
එහිදී පොඩි ලැසි සිටින සිරමැදිරිය සෝදිසි කිරිම සදහා සිර මැදිරිය තුළට ඇතුළු විමේදි, එම රැදවියා විසින් සිර මැදිරියේ පිටුපස ඇති කවුළුවෙන් ජංගම දුරකථනයක්, චාජර් 01ක්, ඩෙටා කේබල් 01ක් සහ හැන්ඩ්ෆී 01ක් ඇතුළු උපකරණ සිර මැදිරියෙන් පිටතට විසි කර ඇති අතර ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා බන්ධනාගාර පාලනාධිකාරිය වෙත භාර දී තිබෙනවා