බන්ධනාගාර කොමසාරිස්ට අධිකරණයෙන් ඇප

බන්ධනාගාර කොමසාරිස්ට අධිකරණයෙන් ඇප

ජනාධිපති පොදු සමාවට මුවාවී අනුරාධපුර බන්ධනාගාරයේ සිටි සිරකරුවෙක් නිදහස් කිරීමට ආධාර අනුබල දුන් බවට සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි වැඩතහනමට ලක්ව සිටින බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණිය ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ විත්තියේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග මහත්මිය මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.

ඒ අනුව, සැකකරු රුපියල් 25,000ක මුදල් ඇප සහ රුපියල් මිලියන දෙක බැගින් වූ ශරීර ඇප 02ක් මත මුදා හැරීමටයි නියෝග කර තිබෙන්නේ.

එමෙන්ම සැකකරුට දිවයිනේ කිසිඳු බන්ධනාගාරයකට ඇතුළුවීමද තහනම් කර තිබෙන බවයි වාර්තා වන්නේ.

Share This