බයිඩන්ට අන්තර්ජාලය හරහා තර්ජන එල්ල කළ පුද්ගලයාව වෙඩි තබා ඝාතනය කෙරේ

බයිඩන්ට අන්තර්ජාලය හරහා තර්ජන එල්ල කළ පුද්ගලයාව වෙඩි තබා ඝාතනය කෙරේ

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන්ට සහ අනෙකුත් නිලධාරීන්ට අන්තර්ජාලය හරහා තර්ජන එල්ල කළ පුද්ගලයෙකුව ආරක්ෂක අංශ විසින් කළ වැටලීමකදී වෙඩි තබා ඝාතනය කර තිබෙනවා

Utah හි පිහිටි ක්‍රේග් රොබට්සන් නැමැති මෙම පුද්ගලයාගේ නිවසට ගොස් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් FBI( The Federal Bureau of Investigation) නිලධාරීන් විසින් ඔහුට ලබා දීමට උත්සාහ කර ඇති අවස්ථාවේදී මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

ජනාධිපති ජෝ බයිඩන් මෙම ප්‍රදේශයේ සංචාරයක් සඳහා පැමිණීමට නියමිතව තිබු බවද සඳහන්

ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව අපරාධ චෝදනා ගොනු කරන නඩු පවරන්නෙකුට සහ බිඩෙන් මහතාට එරෙහිව රොබට්සන් ෆේස්බුක් හි තර්ජන පළ කළ බව අපරාධ පැමිණිල්ලක් පවසයි.

හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව පවතින චෝදනා පිළිබඳව රොබට්සන් තම අසතුට පළ කරමින් ෆේස්බුක් හි සටහන් තබා ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා

කෙසේවෙතත් වැඩි විස්තර ලබාදීම FBI නිලධාරීන් ප්‍රතික්ෂේප කර තිබෙනවා

Share This