බලන්ගොඩ හල්පෙ රත්තනගොල්ල කන්දේ ගින්නක්

බලන්ගොඩ හල්පෙ රත්තනගොල්ල කන්දේ ගින්නක්

බලන්ගොඩ හල්පෙ රත්තනගොල්ල කන්දේ අද (08) හදිසි ගින්නක් හට ගෙන ඇතැයි වාර්තා වුණා.

වාර්තාකරුවන් පවසන්නේ පවතින වියළි දේශගුණයත් සමඟ මෙම ගින්න ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන බවයි.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ගින්න මැඩපැවැත්වීම සඳහා යුද හමුදාව හා ප්‍රදේශවාසීන් එක්ව කටයුතු කරමින් සිටිනවා.

ගින්න මැඩපැවැත්වීම සඳහා බෙල් 412 ගුවන් යානයක් ද යොදවා ඇති බව ගුවන් හමුදා ආරංචි මාර්ග සදහන් කළා.

 

Share This