බස්නාහිර පළාතේ රෝහල්වල හිඟව පවතින අත්‍යවශ්‍ය ඖෂධ බාහිරින් ගන්න අනුමැතිය (VIDEO)

බස්නාහිර පළාතේ රෝහල්වල හිඟව පවතින අත්‍යවශ්‍ය ඖෂධ බාහිරින් ගන්න අනුමැතිය (VIDEO)

අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ පිලිකා ඒකකයේ අත්‍යවශ්‍ය ඖෂධ හිඟයක් හේතුවෙන් රෝගීන් දැඩි අසීරුතාවට පත්ව සිටින බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරනවා.

අත්‍යවශ්‍ය ඖෂධ ඉතා අධික මිලක් ගෙවා පෞද්ගලික ඖෂධ හල්වලින් ලබා ගැනීමට සිදුව ඇති බවටයි බොහෝ රෝගීන් මැසිවිලි නගන්නේ.

කෙසේ වෙතත් පිළිකා රෝගීන් සඳහා අත්‍යවශ්‍ය ඖෂධ 21කින් 18ක් පමණ මේ වනවිට රෝහල තුළ නොමැති බවයි වාර්තා වෙන්නේ.

මේ අතර, බස්නාහිර පළාතේ රෝහල්වල හිඟව පවතින අත්‍යවශ්‍ය ඖෂධ වර්ග බාහිරින් මිලදී ගැනීම සඳහා අනුමැතිය ලබා දී ඇති බව ඊයේ පැවති ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේන් පසු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළා.

Share This