
බස් අනතුරෙන් මියගිය අයෙක් වෙනුවෙන් රුපියල් මිලියනයක වන්දියක්
කොත්මලේ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී අද (11) අලුයම සිදු වූ බස් රථ අනතුරෙන් මිය ගිය එක් අයෙකු වෙනුවෙන් රුපියල් ලක්ෂ 10 බැගින් ලබා දීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති අරමුදලට උපදෙස් ලබා දී තිබෙනවා
ඒ අනුව මියගිය අයගේ ඥාතීන්ට මෙම මුදල් කඩිනමින් ලබා දීමටයි ජනාධිපති අරමුදල සැලසුම් කර ඇත්තේ
මීට අමතරව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සහ රක්ෂණ අරමුදල් මගින්ද මිය ගිය අයගේ පවුල්වලට වන්දි ලබා දීමට නියමිතයි.