බස් ගාස්තු සංශෝධන නමට විතරයි

බස් ගාස්තු සංශෝධන නමට විතරයි

වාර්ෂික බස් ගාස්තු සංශෝධනයට අදාළව සියයට බිංදුවයි දශම පහයි පහකින් අද සිට බස්ගාස්තු අඩුකර තිබෙනවා.

කෙසේ වෙතත් මගීන් චෝදනා කළේ බස් ගාස්තු සංශෝධනයෙන් තමන්ට කිසිඳු සහනයක් ලැබී නොමැති බවයි.

කැබිනට් මණ්ඩල තීරණයක් අනුව වාර්ෂික බස්ගාස්තු සංශෝධන ප්‍රතිපත්තියක් හදුන්වා දීමට පියවර ගැනුණු අතර ඒ අනුව සෑම වර්ෂයකම ජූලි මස පළමු වෙනිදා බස් ගාස්තු සංශෝධනය කිරීමටයි තීරණය කර ඇත්තේ.

එම ප්‍රතිපත්තියට අනුව පසුගිය පළමුවැනිදා සිට 2.5% කින් බස්ගාස්තු අඩු කිරීමට නියමිතව තිබුන ද ඉන්ධන මිල ඉහළයාම හේතුවෙන් එදින බස් ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක කෙරුණේ නැහැ.
පසුව නව ඉන්ධන ගැලපුමට අනුව අද සිට ක්‍රියාත්මක වන පරිදි සියයට 0.55 කින් බස් ගාස්තු අඩු කිරීමට පියවර ගනු ලැබුවා.

අද සිට ක්‍රියාත්මක, නව බස් ගාස්තුවට අනුව රුපියල් 27.00 සිට රුපියල් 45.00 දක්වා ගාස්තුවල වෙනසක් සිදුවන්නේ නැහැ.

රුපියල් 56.00 ගාස්තුවේ සිට ඉහළම ගාස්තුව වන රුපියල් 2170.00 දක්වා ගාස්තු සියයට 0.55 කින් පහළ දමා ඇතත් ඒ අතර පවතින ඇතැම් ගාස්තු සංශෝධනය නොවී තිබීමද විශේෂත්වයක්.

Share This