
බස් රථයක් හා වෑන් රථයක් ගැටී දෙදෙනෙකු ජීවිතක්ෂයට
ත්‍රිකුණාමලය – හපරණෙයි මාර්ගයේ කල්මලෙයි ප්‍රදේශයේදී මගී බස් රථයක් සහ වෑන් රථයක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් 25 දෙනෙකු තුවාල ලබා ඇති බව පොලීසිය පවසනවා.
අද (01) පෙරවරුවේ මෙම අනතුර සිදුව ඇති බව සඳහන්.
අනතුරින් වෑන් රථයේ රියදුරු ඇතුළු දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.