බස් රථයකින් ඇද වැටී පුද්ගලයෙක් මරුට

බස් රථයකින් ඇද වැටී පුද්ගලයෙක් මරුට

රුවන්වැල්ල, හුඹස්වලාන ප්‍රදේශයේදී මගී ප්‍රවාහන බස් රථයක ඉදිරිපස පාපුවරුව අසල ගමන් ගත් පුද්ගලයෙකු බස් රථයෙන් ඇද වැටී රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් තිබෙනවා.

රුවන්වැල්ල දෙස සිට දන්නොරුව දෙසට ධාවනය වූ මගී ප්‍රවාහන බස් රථයකින් එම පුද්ගලයා වැටී ඇති බව සඳහන්.

මෙලෙස මියගොස් ඇත්තේ හුඹස්වලාන, රුවන්වැල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 64 හැවිරිදි පුද්ගලයෙක්.

මියගිය පුද්ගලයා හදිසියේ ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් පාපුවරුවෙහි වාඩි වී ඇති බවත්, ඒ සමඟම පාපුවරුවෙන් ඇද වැටී ඇති බවත්, දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇති බවයි පොලිසිය සඳහන් කර සිටියේ.

සිද්ධිය සම්බන්ධයෙන් රුවන්වැල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

Share This