
බස් රථ අනතුරට හේතුව සොයන්න පොලිසියෙන් පරීක්ෂණයක්
කොත්මලේ, ගැරඬිඇල්ල ප්‍රදේශයේ දී අද (11) උදෑසන සිදුවූ බස් රථයක් ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුරට හේතුව රියදුරුගේ නොසැලකිල්ල හෝ නැතහොත් එහි තිබූ යම් කාර්මික දෝෂයක්ද යන්න සොයාබැලීම සදහා පරීක්ෂණ කටයුතු ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පවසනවා
මෙම අනතුරින් පිරිමි පුද්ගලයින් 16 හා කාන්තාවන් 05ක් ඇතුළත්ව පුද්ගලයින් 21 දෙනෙකු මියගොස් ඇති අතර පුද්ගලයින් 35කට අධික සංඛ්‍යාවක් තුවාල ලබා රෝහල් ගත කර ප්‍රතිකාර ලබමින් සිටින බවයි මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ
එමෙන්ම කොත්මලේ පොලීසිය මෙම අනතුර සම්බන්ධයෙන් විමර්ශන සිදු කරනු ලබනවා