බහුතර ජනතාවක් මාලිමාව දිනවීම නිසැකයි -අනුර කුමාර දිසානායක-

බහුතර ජනතාවක් මාලිමාව දිනවීම නිසැකයි -අනුර කුමාර දිසානායක-

ජනාධිපතිවරණය ජයග්‍රහණය කළහොත් පළමු දින කිහිපයේදී ම පාර්ලිමේන්තුව විසුරුවා හැර ලැබෙන පළමු අවස්ථාවෙන්ම මහ මැතිවරණයකට යන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

බලය පිහිටුවීම, පාර්ලිමේන්තුව විසුරුවා හැර ජනමතයට ගැලපෙන පාර්ලිමේන්තුවක් පිහිටුවීම, නීතියේ විධානය සහ ආධිපත්‍ය තහවුරු කරමින් දැනටමත් අධිකරණය මගින් ලබා දී ඇති නියෝග ක්‍රියාත්මක කිරීම සහ පීඩිත ජනතාවට සහනාධාර වැඩපිලිවලක් ක්‍රියාත්මක කිරීම , ගොවි ණයවලින් හැකි ප්‍රතිශතයක් කපා හැරීමට සිය පාලනයක් යටතේ කටයුතු කරන බවයි ඒ මහතා සඳහන් කර සිටියේ.

ගලෙන්බිඳුණුවැව නගර මධ්‍යයේ පැවති රැලියකට සහභාගිවෙමින් ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කර සිටියා.

එළඹෙන 21 ජනාධිපතිවරණයේදී රටේ බහුතර ජනතාවක් මාලිමාව දිනවීම නිසැක බව පැවසූ ඒ මහතා සැප්තැම්බර් 22 නියත වශයෙන්ම තමා ජනාධිපතිවරයා වශයෙන් තෝරා පත්වෙන බවයි සඳහන් කර සිටියේ.

Share This