බ්‍රිතාන්‍ය අගමැති රිෂි සුනක් ඊජිප්තුවට

බ්‍රිතාන්‍ය අගමැති රිෂි සුනක් ඊජිප්තුවට

ඊශ්‍රායලයේ සහ ගාසා තීරයේ පවතින තත්ත්වය පිළිබඳව කලාපයේ සගයන් සමග සාකච්ඡා කිරීමට බ්‍රිතාන්‍ය අගමැති රිෂි සුනක් අද(20) ඊජිප්තුවට යාමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

කලාපීය යුද ගැටුම් උත්සන්න වීම වැළැක්වීම සහ සිවිල් ජීවිත තවදුරටත් අනවශ්‍ය ලෙස විනාශ වීම වැළැක්වීමේ අවශ්‍යතාවය පිළිබඳව අගමැතිවරයා එහිදී සාකච්ඡා කරනු ඇති බවයි පැවසෙන්නේ

බ්‍රිතාන්‍ය අගමැති රිෂි සුනක් සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමරු මොහොමඩ් බින් සල්මාන් හමුවූ අතර මැද පෙරදිග ස්ථාවරත්වයට සහාය වන ලෙස සෞදි අරාබියෙන් ඉල්ලා සිටි බවද සඳහන්

ඊයේ (19) දිනයේ බ්‍රිතාන්‍ය අගමැති රිෂි සුනක් ඊශ්‍රායලයට පැමිණියා

Share This