බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මැතිවරණය අද

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මැතිවරණය අද

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මැතිවරණය අද (04) පැවැත්වෙනවා

ඒ අනුව මැතිවරණ කොට්ඨාශ 650ක ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව හිමිවන අතර එරට වේලාවෙන් උදෑසන 07 සිට රාත්‍රී 10ට මැතිවරණය පැවැත්වෙනවා

මහ මැතිවරණයට ප්‍රධාන දේශපාලන පක්ෂ අතරට අගමැති රිෂි සුනක් විසින් නායකත්වය දෙන කොන්සර්වේටිව් පක්ෂය, කීර් ස්ටාමර්ගේ නායකත්වයෙන් යුත් කම්කරු පක්ෂය, එඩ් ඩේවිගේ නායකත්වයෙන් යුත් ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂය, නයිජල් ෆරාජ්ගේ නායකත්වයෙන් යුත් එක්සත් රාජධානියේ ප්‍රතිසංස්කරණ, ජෝන් ස්විනිගේ නායකත්වයෙන් යුත් ස්කොට්ලන්ත ජාතික පක්ෂය (එස්එන්පී) සහ ග්‍රීන් පක්ෂය ඇතුළත් බවයි විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ

එමෙන්ම සමස්ත බහුතර බලය සඳහා පක්ෂයකට අවම වශයෙන් ආසන 326ක් ලබා ගත යුතු වනවා.

මෙහිදී විපක්ෂයේ කම්කරු පක්ෂය අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගනු ඇති බවයි දේශපාලන විචාරකයින් පවසන්නේ

Share This