බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් හා දුමින්ද දිසානායක මහතා අතර හමුවක්

බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් හා දුමින්ද දිසානායක මහතා අතර හමුවක්

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්රික් මහතා හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා අතර හමුවක් පවත්වා තිබෙනවා.

ඒ අනුරාධපුරයේදී.

බ්‍රිතාන්‍යය මහ කොමසාරිස්වරයා කළ ආරාධනයකට අනුව මෙම හමුව පවත්වා තිබෙන බව සඳහන්.

එහිදී වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන කටයුතු සම්බන්ධයෙන්ද මහ කොමසාරිස්වරයා සමඟ දුමින්ද දිසානායක මහතා අදහස් හුවමාරු කර තිබෙනවා.

තවද මෙරට ආර්ථිකය, සංස්කෘතිය හා අධ්‍යාපනය ඇතුළු කරුණු ගණනාවක් පිළිබඳව මෙහිදී සාකච්ජාවී ඇති බව සඳහන්.

Share This