බැංකොක් හෝටලයක තිබී හමුවූ මළ සිරුරු ගැන වාර්තා වුණ නවතම අනාවරණය

බැංකොක් හෝටලයක තිබී හමුවූ මළ සිරුරු ගැන වාර්තා වුණ නවතම අනාවරණය

තායිලන්තයේ බැංකොක් හි හෝටලයක මියගොස් සිටියදී හමුවූ පුද්ගලයින් 6 දෙනාගේම රුධිරයේ සයනයිඩ් මාරාන්තික රසායනිකය පවතින බවට තහවුරු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එම මළ සිරුරු සම්බන්ධයෙන් සිදුකරනු ලැබූ මූලික පශ්චාත් මරණ පරීක්ෂණයෙන් මේ බව තහවුරු වී ඇති බව සඳහන්.

ඔවුන් විසින් භාවිත කරන ලද තේ කෝප්පවල සයනයිඩ් අඩංගු බවට අධිකරණ වෛද්‍යවරුන් විසින් මීට පෙර තහවුරු කරගෙන තිබුණා.

මියගොස් සිටියදී හමුවූ සියලුම දෙනා වියට්නාම සම්භවයක් සහිත අයවළුන් වන අතර මෙම මරණ පෞද්ගලික හේතුවක් මත සිදුවන්නට ඇති බවටයි බලධාරීන් සැක පළ කරන්නේ.

Share This