බැකෝ සමන්ගේ බිරිඳට ඇප

බැකෝ සමන්ගේ බිරිඳට ඇප

රිමාන්ඩ් භාරයට පත් කර සිටි බැකෝ සමන් නමැත්තාගේ බිරිඳ වන ශාධිකා ලක්ෂානී අද ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළා.

විෂ මත්ද්‍රව්‍ය පනත හා මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේයි ඇය රිමාන්ඩ් භාරයට පත් කර සිටියේ.

ඇප නියෝගය ප්‍රකාශයට පත් කරමින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා සඳහන් කළේ, විෂ මත්ද්‍රව්‍ය පනතේ 54 (1) වගන්තිය යටතේ සැකකාරිය රිමාන්ඩ් භාරයට පත්කිරීමට තරම් සෑහීමකට පත් විය හැකි කරුණු පැමිණිල්ල විසින් අධිකරණයට ඉදිරිපත් කර නොමැති බවය.

සැකකාරිය රුපියල් 50,000/-ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 20 බැගින් වූ ශරීර ඇප තුනක් මත මුදා හරින ලෙස නියෝග කළ මහෙස්ත්‍රාත්වරයා සැකකාරියගේ විදේශ ගමන් තහනම් කරන බවත් නියෝග කළා.

සෑම ඉරිදා දිනකම පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඇය වාර්තා කළ යුතු අතර නඩුව යළි ජනවාරි මස 22 වන දා කැඳවන ලෙසත් නියෝග කළා.

Share This