බැකෝ සමන්ගේ බිරිඳ අධිකරණයට  (VIDEO)

බැකෝ සමන්ගේ බිරිඳ අධිකරණයට (VIDEO)

ඉන්දුනීසියාවේදී කෙහෙල්බද්දර පද්මේ ඇතුළු සංවිධානාත්මක අපරාධ කල්ලිය සමඟ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින බැකෝ සමන් නැමැත්තාගේ බිරිඳ අද යළි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට බන්ධනාගාරයේ සිට රැගෙන ආවා.

සැකකාර එම කාන්තාව පසුගියදා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කළේ මුදල් විශුද්ධීකරණය වැලැක්වීමේ පනත යටතේයි.

ඇය අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි අතර, ඇප ලබාදීම පිලිබඳ අද දිනයේ සලකා බැලෙනු ඇති බවයි අප අධිකරණ වාර්තාකරු සඳහන් කළේ.

Share This