
බැකෝ සමන්ගේ බිරිඳ ඔක්තෝබර් 31 තෙක් යළි රිමාන්ඩ්
බැකෝ සමන්ගේ බිරිඳ වන සාධිකා ලක්ෂානිගේ සහෝදරිය පියා ඇතුළු ඇයගේ පවුලේ ඥාතීන්ට අයත් ගිණුම් 36ක් තුළින් මිලියන 147ට අධික මුදලක් සංසරණය වී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුහර්ෂි හේරත් අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම වෙත දැනුම් දෙනු ලැබුවා.
මුදල් විශුද්ධිකරණ චෝදනාවක් යටතේ බැකෝ සමන්ගේ බිරිඳ වන සාධිකා ලක්ෂානි අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටිනවා.
එම ගිණුම්වලට මුදල් තැන්පත් කර ඇත්තේ කවුද යන්න පිළිබඳව මෙන් ම එම මුදල් තැන්පත් කර ඇත්තේ, කොහේ සිට ද යන්න පිළිබඳව සොයා ගැනීම සඳහා විමර්ශනයක් ආරම්භ කර ඇති අතර ඒ සඳහා ප්‍රමාණවත් කාලයක් අවශ්‍යව බවත් ඇය අධිකරණය හමුවේ පවසනු ලැබුවා.
දැනට අත්අඩංගුවේ සිටින බැකෝ සමන් හා ඇයගේ පියා විමර්ශන නිලධාරීන්ට ලබා දී ඇති ප්‍රකාශවල පරස්පරතාවයක් පවතින නිසා සිද්ධියේ විමර්ශන කටයුතු දැඩි සංකීර්ණ තත්ත්වයකට පත්ව ඇති බවත් අද නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය අධිකරණයට පෙන්වා දුන්නා.
කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සැකකාරිය ඔක්තෝබර් 31 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කළ අතර සිද්ධියට අදාළව සැකකාරියගෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා විමර්ශන නිලධාරීන්ට අවශ්‍ය අවසරය ලබා දෙන ලෙසද බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කළා.