
බැඩ්මින්ටන් ක්රීඩක නිලූක විශ්රාම යයි
ශ්රී ලංකාවේ දක්ෂතම බැඩ්මින්ටන් ක්රීඩකයා වන නිලූක කරුණාරත්න ක්රීඩාවෙන් විශ්රාම ගැනීමට තීරණය කර තිබෙනවා.
2002 වසරේ සිට 2018 දක්වා පොදු රාජ්ය මණ්ඩලයීය ක්රීඩා උලෙළ 5කට තරග වැදුණු නිලූක සිය පළමු අන්තර්ජාතික ජයග්රහණය වාර්තා කළේ 2011 වසරේ දීයි.
එසේම ඔහු මේ දක්වා අන්තර්ජාතික ජයග්රහණ 24ක් ලබා තිබෙනවා.
