බිත්තර ආනයනය සඳහා කැබිනට් අනුමැතිය (VEDIO)

බිත්තර ආනයනය සඳහා කැබිනට් අනුමැතිය (VEDIO)

එළඹෙන උත්සව සමය වෙනුවෙන් අවශ්‍ය බිත්තර සැපයීමට හැකියාව ලැබෙන පරිදි අවශ්‍ය බිත්තර තොග ආනයනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

මෙහිදී මේ වන විට ශ්‍රී ලංකා රජයේ වාණිජ නීතිගත සංස්ථාව විසින් බිත්තර මිලියන 224ක් ආනයනය කර ඇති බව සඳහන්.

ඉන් 95% ප්‍රමාණයක් ලංකා සතොස අලෙවි ජාලය හරහා බිත්තරයක් රුපියල් 37ක දැරිය හැකි මිලකට පාරිභෝගිකයා වෙත බෙදාහැර තිබෙන බවයි වාර්තා වන්නේ.

කෙසේවෙතත් එළඹෙන රාමසාන් සහ නත්තල් උත්සව කාලසීමාවන් තුළද වෙළඳපොළ බිත්තර මිල ස්ථායීකරණය කිරීමට සහ කේක් ඇතුළු බේකරි නිෂ්පාදන කර්මාන්තයට අවශ්‍ය බිත්තර තොග ආනයනය කිරීම සඳහා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍යමණ්ඩල අනුමැතිය ලැබී ඇති බව සඳහන්.

Share This