බිබිලේ බස් රථ අනතුරකින් 47 දෙනෙකුට තුවාල

බිබිලේ බස් රථ අනතුරකින් 47 දෙනෙකුට තුවාල

බිබිල නාගල ප්‍රදේශයේදී බස් රථ දෙකක් ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයන් 47 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

ඔවුන් ප්‍රතිකාර සඳහා බිබිල රෝහල වෙත ඇතුලත් කර ඇති බවයි පොලීසිය පැවසුවේ.

අද (05) රාත්‍රී 07.30ට පමණ එම අන්තුව සිදුව ඇති අතර බිබිල දෙස සිට අම්පාර දෙසට ධාවනය වූ පුද්ගලික බස් රථයක එම දෙසටම ඊට පසුපසින් ධාවනය වූ ලංගම බස් රථයක් ගැටීමෙන් අනතුර සිදුව තිබෙනවා.

අනතුරට ලක්වූ පෞද්ගලික බස් රථයේ ගමන් කර ඇත්තේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවය කරන පිරිසක්.

එම බස් රථය සේවකයින්ට බැසීම සඳහා නවත්වන අවස්ථාවේදී ඊට පසුපසින් පැමිණි බස් රථය, එම බස් රථයේ ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් බිබිල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

Share This