
බිහිසුණු යුද බිය මැද ඊශ්‍රායල් – ඉරාන සටන් විරාමයකට ඇමරිකාව මැදිහත්වේ
ඉරානය ඊයේ රාත්‍රියේ, ඊශ්‍රායල් සහ එක්සත් ජනපද හමුදා කදවුරු ඉලක්ක වෙත මිසයිල ප්‍රහාර දියත් කිරීමෙන් පසුව සටන් විරාමයකට අත වැනීම සදහා එක්සත් ජනපදය මූලික වී තිබෙනවා.
විදෙස් මාධ්‍ය පැවසුවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ රාත්‍රියේ ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සමඟ සාකච්ඡා හරහා ඊශ්‍රායලය සහ ඉරානය අතර සටන් විරාමයකට මැදිහත් වූ බව පැවසුවා.
ධවල මන්දිර ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පවසා ඇත්තේ උප ජනාධිපති ජේ.ඩී. වැන්ස් ඇතුළු ඔහුගේ කණ්ඩායම ටෙහෙරානය සමඟ සාකච්ඡා පැවැත්වූ බවයි.
ඉරානය සමඟ සෘජු හා වක්‍ර සන්නිවේදනයේ දී වැන්ස්, රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ සහ ඇමරිකානු විශේෂ නියෝජිත ස්ටීව් විට්කොෆ් සම්බන්ධ වූ බව එම නිලධාරියා පවසා තිබෙනවා.
දෙපාර්ශ්වයම නව ප්‍රහාර එල්ල කරන බවට තර්ජනය කිරීමෙන් මොහොතකට පසු, ඉදිරි පැය කිහිපය තුළ ඊශ්‍රායලය සහ ඉරානය අතර “සම්පූර්ණ සහ පරිපූර්ණ” සටන් විරාමයක් බලාත්මක වන බව ට්‍රම්ප් ඊයේ පෙරවරුවේ පැවසුවා.
මේ සම්බන්ධයෙන් බී.බී.සී. සේවය පැවසුවේ ඊශ්‍රායලය සහ ඉරානය අතර නරක අතට හැරෙන ගැටුමට එක්සත් ජනපදය ඇතුළත් වීමෙන් එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සූදුවක නිරත වුවත්, අවම වශයෙන් දැනට එය සාර්ථක වන්නට ඇතැයි සිතිය හැකි බවයි.
ට්‍රම්ප් මෙරට වේලාවෙන් අද පෙරවරුවේ නිවේදනය කළේ දෙරට සටන් විරාමයකට එකඟ වී ඇති බවත් එය කල් පවතින සාමයකට මඟ පෑදිය හැකි බවයි.
ඊශ්‍රායලය හෝ ඉරානය මෙම සටන් විරාම අදහස නිශ්චිතවම තහවුරු කර නොමැති වුවද, ධවල මන්දිර නිලධාරීන් පෞද්ගලිකව රාජ්‍ය තාන්ත්‍රික ඉදිරි ගමනක් යැයි පවසන දේ ගැන කතා අදහස් පළ කර තිබෙනවා.
ඇමරිකානු ජනාධිපතිවරයා ඇත්ත වශයෙන්ම ඔහු “දින 12 යුද්ධය” ලෙස ලේබල් කළ දෙය අවසන් කර ඇත්නම්, එය කලාපය ගිල ගැනීමට ආසන්නව ඇති බිහිසුණු යුද ගැටුමක අද්දර සිට සැලකිය යුතු පියවරක් පසුපසට ගැනීමක යැයි බී.බී.සී. සේවය පෙන්වා දෙනවා.
“ඊශ්‍රායල තන්ත්‍රයල ඉරාන ජනතාවට එරෙහි නීති විරෝධී ආක්‍රමණය ටෙහෙරානයේ වේලාවෙන් අලුයම 4 ට පෙර නතර කළහොත්,” ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, “පසුව අපගේ ප්‍රතිචාරය දිගටම කරගෙන යාමට අපට කිසිදු අදහසක් නැත” කියායි.
එය සටන් විරාමයක් ලෙස හැඳින්විය නොහැකි විය හැකි නමුත්, පෙ.ව. 4 ට අවසන් දිනය ටෙහෙරානයට පැමිණි විට ඊශ්‍රායල ප්‍රහාර නතර වූ බව වාර්තා වේ. දෙපාර්ශ්වයම යුද උණුසුම අඩු කිරීමට ආසන්නව සිටින බව විදෙස් මාධ්‍ය තවදුරටත් පැවසුවා.
මෙම නවතම වර්ධනය සිදුවන්නේ කලාපයේ කැළඹිලි සහිත දිනකට පසුවය, ඉරානය සෙනසුරාදා ඇමරිකානු ප්‍රහාරයට පළිගැනීමට දුන් පොරොන්දුව ඉටු කිරීමත් සමගයි.
ගතවූ සති අන්තයේ ඉරාන භූගත න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට ඇමරිකානු බෝම්බ හෙලන ගුවන් යානා රාත්තල් 30,000 ක බංකර් බස්ටර් බෝම්බ හෙළීමෙන් පසු ඉරානය ඇමරිකානු ගුවන් කඳවුරකට මිසයිල ප්‍රහාර එල්ල කළ අතර ඉන් කිසිදු හානියක් සිදුව නැතැයි වාර්තා වුණා.
එක්සත් ජනපද නිලධාරියා පැවසුවේ ඇමරිකානු ප්‍රහාරවලින් ඉක්බිතිව ට්‍රම්ප් ඊශ්‍රායලය සහ ඉරානය සමඟ සාකච්ඡා සඳහා කැඳවුම් කළ බවයි.
“ඔහු පසුගිය සෙනසුරාදා රාත්‍රියේ තම කණ්ඩායමට උපදෙස් ලැබුණේ ‘ඉරාන ජාතිකයන් සමඟ දුරකථනයෙන් කතා කරමු.” යැයි නිලධාරියා පැවසීය. “‘මාව බිබීට ගෙනෙන්න. අපි සාමය ඇති කරන්න යනවා,'” නිලධාරියා ට්‍රම්ප් උපුටා දක්වමින් පැවසුවා.
ගැටුමට පෙර සති කිහිපය තුළ ට්‍රම්ප්ගේ කණ්ඩායම ඉරානය සමඟ අවස්ථා පහකදී සාකච්ඡා පවත්වා තිබුණද, යුරේනියම් වැඩිදියුනු කිරීම දිගටම කරගෙන යන්නට ඉරානය පසුබට නොවූ විට සාකච්ඡා බිඳ වැටුණා.
ඇමරිකානු බලය භාවිතා කිරීම සම්බන්ධයෙන් “සති දෙකක් ඇතුළත” තීරණයක් ගන්නා බව ට්‍රම්ප් බ්‍රහස්පතින්දා නිවේදනය කළ නමුත් සෙනසුරාදා දහවල් වන විට ඔහු ඉරාන පහසුකම්වලට බෝම්බ හෙලන ලෙස එක්සත් ජනපදයට නියෝග කළේය.
ඉරිදා අලුයම ඉරානයේ න්‍යෂ්ටික ස්ථානවලට බෝම්බ හෙලීමට ට්‍රම්ප් ගත් පෙර නොවූ විරූ තීරණය, ඔහු දිගු කලක් තිස්සේ වළක්වා ගැනීමට පොරොන්දු වූ පියවරක් බිද දැමීමක් වුණා.
ඇමරිකානු මිත්‍ර පාක්ෂික ඊශ්‍රායලය සමඟ හමුදා ප්‍රහාර එල්ල කිරීමට එක්වීමට යාම ඔහුගේ දක්ෂිණාංශික “ඇමරිකාව නැවතත් ශ්‍රේෂ්ඨ කරන්න” දේශපාලන පදනම තුළ කනස්සල්ලක් ඇති කළ බව සදහන්.
එය විදේශීය පැටලීම් වළක්වා ගැනීම සඳහා ඔහුගේ පොරොන්දු බිද දැමීමක් වුණා.
පසුව විශේෂඥ මතය වී ඇත්තේ සටන් විරාමයක් ඇති වන්නේ නම්, එම විවේචන නිහඬ කළ හැකි අතර ට්‍රම්ප් තමා සාමය ඇති කරන්නෙකු ලෙස නිරූපණය කිරීම ශක්තිමත් කළ හැකි බවයි.
ට්‍රම්ප් ඕවල් කාර්යාලයේදී පැවැත්වූ සංවාද දිනයකින් සටන් විරාම අදහස මතුව තිබෙනවා . ජනාධිපතිවරයා සෘජුවම කතා කළේ නෙතන්යාහු සමඟ බව එක්සත් ජනපද ආරංචි මාර්ග පැවසුවා.
ට්‍රම්ප් “සංයමයක් පෙන්නුම් කර” ඇති අතර ඔහු එක්සත් ජනපද අවශ්‍යතා තම ඉලක්කයට කේන්ද්‍රීයව තබා ගන්නා බව පැහැදිලි කර ඇති බවයි නිලධාරියා තවදුරටත් පවසා ඇත්තේ.
එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දිගු කාලීන සතුරන් දෙදෙනා අතර “සම්පූර්ණ සහ පරිපූර්ණ” සටන් විරාමයක් ප්‍රකාශයට පත් කිරීමෙන් පැය කිහිපයකට පසු ඉරානය අද ඊශ්‍රායලය සමඟ සටන් විරාමයක් ගැන ඉඟි කර තිබෙනවා.
ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි, X හි සටහනක් තබ්මින් පවසන්නේ, “අවසාන මොහොත දක්වා සටන් කිරීමට ” ක්‍රියා කළ ටෙහෙරානයේ සන්නද්ධ හමුදාවන්ට ස්තූති කළේය. “ඊශ්‍රායලයේ ආක්‍රමණශීලීත්වයට දඬුවම් කිරීම සඳහා අපගේ බලවත් සන්නද්ධ හමුදාවන්ගේ හමුදා මෙහෙයුම් අවසාන මොහොත දක්වා, එනම් අලුයම 4 දක්වා පැවතුණා. සියලුම ඉරාන වැසියන් සමඟ එක්ව, අපගේ ආදරණීය රට ඔවුන්ගේ අවසාන ලේ බිංදුව දක්වා ආරක්ෂා කිරීමට සහ අවසාන මොහොත දක්වා සතුරාගේ ඕනෑම ප්‍රහාරයකට ප්‍රතිචාර දැක්වූ අපගේ නිර්භීත සන්නද්ධ හමුදාවන්ට මම ස්තූතිවන්ත වෙමි,” ඔහු පැවසුවා.