බීඩි කර්මාන්තයේ ගැටලු විසඳන්න කඩිනම් පියවර

බීඩි කර්මාන්තයේ ගැටලු විසඳන්න කඩිනම් පියවර

බීඩි කර්මාන්තය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනය පිළිබඳ බදු ප්‍රතිපත්තිය සංශෝධනය කිරීම සහ විධිමත් ක්‍රමවේදයක් ඔස්සේ නැවත එය සකස් කිරීමේ අවශ්‍යතාව සම්බන්ධයෙන් අවධානය යොමුව තිබෙනවා.

බීඩි කර්මාන්තය ආශ්‍රිතව පැන නැගී ඇති ගැටලු සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (04) පැවති සාකච්ඡාවක දී ඒ පිළිබඳ අවධානය යොමුව ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

එහිදී බීඩි කර්මාන්තය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනයේදී මතුව ඇති ගැටලු සහ අක්‍රමිකතා පිළිබඳව ද දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක්ව තිබෙනවා.

ආනයනකරුවන් සහ බීඩි නිෂ්පාදන ආයතන වාර්ෂිකව ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන්ද එකඟතාවයකට පැමිණීම මෙහිදී සිදුවූ අතර ලියාපදිංචි ගාස්තුව සංශෝධනය කිරීම පිළිබඳව ද අවධානය යොමුව ඇති බව සඳහන්.

කපා සකසන ලද තෙන්දුකොල ආනයනය කිරීම වැළක්වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත්, කර්මාන්තය ආශ්‍රිතව පවතින ගැටලු විසඳීම සඳහා විධිමත් නීති රාමුවක් සකස් කිරීමට කඩිනම් පියවර ගන්නා ලෙසද සාගල රත්නායක මහතා එහිදී අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

Share This