
බීමත්ව රිය පැදවීමට නඩු දැමූ පොලිස් නිලධාරියාට අවුරුදු හයකට පසු පිහියෙන් ඇනලා
අනුරාධපුර මුලස්ථාන පොලිසියේ රථවාහන අංශයේ සේවය කරන පොලිස් සැරයන්වරයකුට අවුරුදු හයකට පෙර බීමත්ව යතුරු පැදියක් පැදීමේ සිද්ධියකට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමේ සිද්ධියකට අදාල වරදකරු වූ පුද්ගලයා ඊයේ සවස එම නිලධාරියාට පිහියකින් ඇන තිබෙනවා.
අදාල නඩුවේදී මේ තැනැත්තාට රුපියල් හැටදහකට ආසන දඩ මුදලක් ගෙවීමට අධිකරණය නියම කර තිබූ බව සදහන්.
ඊට කෝපයට පත් වි සිටි එම පුද්ගලයා ඊයේ (25) රාත්‍රී අනුරාධපුර කූඹිච්චංකුලම අසල මෙම පොලිස් නිලධාරියා හා තවත් පොලිස් නිලධාරියකු රථවාහන අංශයේ රාජකාරීවල නිරතව සිටිය දී ගොස් පිහියක් රැගෙන විත් පොලිස් සැරයන්වරයාට පහර දී ඇතැයි වාර්තා වුණා.
ඉන්පසු මෙම සැරයන්වරයා සමඟ සිටි අනෙක් පොලිස් නිලධාරියා පොරබදා පිහිය උදුරාගෙන සැකකරු අනුරාධපුර පොලිසියට ඔහු බාර දීමට පියවර ගෙන තිබෙනවා.
මේ වෙන විට පොලි සැරයන්වරයා අනුරාධපුර ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාර අංශයට ප්‍රතිකාර සදහා ඇතුලත් කර තිබෙනවා.
අදාල සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් පසු පොලිසියට පවසා ඇත්තේ අවුරුදු හයකට පෙර සිදුවූ සිදුවීමට පළිගැනීමක් වශයෙන් පිහියක් රැගෙන විත් පොලිස් නිලධාරියාට පිහි ප්‍රහාරයක් එල්ල කළ බවයි.
