
බීමත් රියදුරෙක් එකම පවුලේ සහෝදරියන් දෙදෙනෙක් එලොව යවයි
කොළඹ හොරණ ප්‍රධාන මාර්ගයේ කෝරළඉම ප්‍රදේශයේ පදික මාරුව මත සිදුවූ රිය අනතුරකින් කාන්තාවන් දෙදෙනෙකු මියගොස් දැරියන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා කළුබෝවිල රෝහල වෙත ඇතුලත් කර තිබෙනවා.
මෙම අනතුර සිදුකළ මෝටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අද හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
අවමංගල්‍ය උත්සවයකට සහභාගී වී නැවත නිවස බලා යමින් සිටියදී හොරණ කෝරළඉම ප්‍රදේශයේදී පදික මාරුව මත මෝටර් රථයකට යට වී එකම පවුලේ සහෝදරියන් දෙදෙනෙකු මියගොස් තවත් දැරියන් දෙදෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා කළුබෝවිල රෝහල වෙත ඇතුලත් කර තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ බණ්ඩාරගම, හේනේගොඩ ප්‍රදේශයේ පදිංචි සුරංගිකා දමයන්ති සහ බේරුවල ප්‍රදේශයේ පදිංචි ශිරෝමි ප්‍රනාන්දු යන අයයි.
අනතුර සිදුකළ මෝටර් රථයේ රියදුරු ඊයේ රාත්‍රියේ තම දියණියට ආහාර ගෙන ඒමට පැමිණි අවස්ථාවේයි මෙම අනතුර සිදුව ඇත්තේ.
අනතුරින් පසුව රියදුරු පලා ගොස් ඇති අතර 28 හැවිරිදි සැකකරු අනතුරුව පොලිසියට භාර වීමෙන් පසු පොලිස් විමර්ශනවලදි අනාවරණ වී ඇත්තේ අනතුරු සිදුවන අවස්ථාවේ ඔහු බීමත්ම සිට ඇති බවයි.