“බූස්ටර්” එන්නත දෙන ශ්‍රී ලාංකිකයින් පිරිස

“බූස්ටර්” එන්නත දෙන ශ්‍රී ලාංකිකයින් පිරිස

මෙරට ජනගහනයෙන් සියයට 67 කට පමණ ප්‍රමාණයකට “බූස්ටර්” එන්නත් මාත්‍රාවක් ලබාදීම සඳහා අවශ්‍ය එන්නත් තොග ඇණවුම් කර ඇති බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව පවසනවා

දිනපතා පළවන පුවත්පතක සඳහන් කර තිබු මේ පුවත පිළිබඳව ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද අවධානය යොමු කෙරුණා

මීට අදාළ අත්තිකාරම් මුදල්ද මේවනවිට ගෙවා ඇති බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කරනවා

මෙරට පුද්ගලයින් එක් කෝටි තිස්හත් ලක්ෂයකට වැඩි පිරිසකට කොරෝනා මර්දන එන්නතේ පළමු මාත්‍රාව ලබාදී ඇතැයි සෞඛ්‍ය අංශ පවසනවා

 

Share This