බෙහෙත් ගන්න පැමිණි සහෝදරියන් දෙදෙනාව කරාබු ගලවා ගල් කැට දී ගෙදර යැවූ හැටි

බෙහෙත් ගන්න පැමිණි සහෝදරියන් දෙදෙනාව කරාබු ගලවා ගල් කැට දී ගෙදර යැවූ හැටි

කොළඹ අක්‍ෂි රෝහලට ප්‍රතිකාර ලබාගැනීමට ආ වයෝවෘද්ධ සහෝදරියන් දෙදෙනකුගේ කරාබු යුගළ තරුණයකු වංචාකාරී ලෙස රැගෙන ගොස් ඇතැයි දිනපතා පළවන පුවත්පතක සඳහන් කර තිබෙනවා.

ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද මේ පිළිබඳව අවධානය යොමු කෙරුණා.

වයෝවෘද්ධ මව්වරුන් ප්‍රතිකාර ලබාගැනීම සඳහා ඇස් රෝහල තුළ රැදී සිටියදී ඔවුන් ඉක්මනින් වෛද්‍යවරයාට යොමු කරන බවට පවසා රැගෙන ගොස් දුප්පත් යැයි වෛද්‍යවරයාට හැඟවීම සඳහා කරාබු ගලවන ලෙස උපදෙස් දුන් බව එම මවුවරුන් දෙපළ සඳහන් කරනවා.

එසේ ගැලවූ කරාබු යුගළ එම තරුණයා ලබාගෙන පසුව වෛද්‍යවරයාට ඉදිරිපත් කළ නොහැකි බව පවසා කරාබු යැයි කඩදාසියක එතූ යමක් ලබාදී ඔහු පිටව ගොස් තිබෙනවා.

කඩදාසිය දිගහැර බැලීමේදී එහි ගල්කැට තුනක් තිබූ බවත් ඒ පිළිබඳව රෝහල් පොලිසියට පැමිණිලි කිරීමට ගිය අවස්ථාවේදී මරදාන පොලිසියට යන ලෙස පවසා ඇති බවත් වාර්තා වනවා.

පාදුක්ක වග ප්‍රදේශයේ පදිංචිකාරියන් වන එම දෙපළ පොලිස් පැමිණිල්ලක් නොකරම නිවෙස බලා පිටත්ව ගොස් තිබෙන බවයි පැවසෙන්නේ

කොළඹ අක්‍ෂි රෝහල් පරිශ්‍රය තුළ මීට පෙර ද මෙවැනි සිද්ධීන් වාර්තා වුවද ආරක්‍ෂක අංශ ඒ පිළිබඳව නිසි පියවර නොගැනී නිසා අඛණ්ඩව වංචාකරුවන්ගේ ග්‍රහණයට අහිංසක රෝගීන් නතුවන බව අක්‍ෂි රෝහලේ නිලධාරියෙක් මේ අතර පවසනවා.

Share This