බොරැල්ල මාරක රිය අනතුර කළ රියදුරා අගෝස්තු 07 දක්වා රිමාන්ඩ්

බොරැල්ල මාරක රිය අනතුර කළ රියදුරා අගෝස්තු 07 දක්වා රිමාන්ඩ්

බොරැල්ල ප්‍රදේශයේ සිදුවූ මාරක රිය අනතුරු සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දොඹකරයේ රියදුරු අගෝස්තු මස 07 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ රථවාහන මහෙස්ත්‍රාත් මොහොමඩ් රිස්වාන් මහතා අද(29) නියෝග කළා.

මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේ අධිකරණයට ඉදිරිපත් කළ අදාළ රථයේ හිමිකරු රුපියල් ලක්ෂ පහක ශරීර ඇප මත මුදා හැරීමටයි.

බොරැල්ල පොලීසිය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ රථවාහන මහෙස්ත්‍රාත් අධිකරණය මෙම නියෝගය නිකුත් කළ අතර එම මාරක රිය අනතුර සිදුකිරීම සම්බන්ධයෙන් එම පුද්ගලයන් දෙදෙනා ඊයේ (28) අත්අඩංගුවට ගත්තා.

Share This