බෝට්ටුවක් මුහුදුබත් වීමෙන් සංක්‍රමණිකයන් 41ක් මරුට

බෝට්ටුවක් මුහුදුබත් වීමෙන් සංක්‍රමණිකයන් 41ක් මරුට

ඉතාලියට ඔබ්බෙන් බෝට්ටුවක් මුහුදුබත් වීමෙන් සංක්‍රමණිකයන් 41 දෙනෙක් මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

ඉතාලියේ ලැම්පෙඩුසා දූපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වී ඇත්තේ

ටියුනීසියාවේ Sfax සිට ඉතාලිය බලා යමින් සිටියදී මෙම බෝට්ටුව ගිලී ගොස් ඇති අතර අනතුරින් සිව් දෙනෙක් පමණ බේරා ගෙන ඇති බව සඳහන්.

මේ වසරේ උතුරු අප්‍රිකාවේ සිට යුරෝපයට යන මුහුදු ගමනේදී මේ දක්වා කාලය තුළ පමණක් 1800කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා

Share This