
බෝලයක් යැයි සිතා ගැලවීමට ගිය අත් බෝම්බයෙන් පාසල් දරුවෙක් ගේ ජීවිතය යාන්තමින් බේරෙයි
බෝලයක් යැයි සිතා කැලැබද ඉඩමක තිබි පාසල් සිසුවෙකු විසින් අහුලාගෙන තිබියදි පොලිස් භාරයට ගෙන තිබේ.
මාදම්පාගම, දේවගොඩ සිරිරතන මාවතේ නිවසක පාසල් දරුවෙක් නිවසට යාබද කැලෑ බද ඉඩමකට කිතුල් අතු කපා ගැනිමට ගිය අවස්ථාවේ කුණුගොඩක තිබු බෝලයක් වැනි යමක් අහුලාගෙන තිබෙනවා .
අද දහවල් එය දැක ඇති දරුවාගේ ඥාතියකු අත්බොම්බයක් බවට හදුනාගෙන අම්බලන්ගොඩ පොලිසිය දැනුවත්කර ඇත්තේ ඒ අනුවයි.
වහා ක්‍රියාත්මක වු අම්බලන්ගොඩ පොලිස් නිලධාරින් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරින් කැදවා අත්බෝම්බය අක්‍රිය කිරීමට කටයුතු කර තිබෙනවා.
අප වාර්තාකරු පැවසුවේ බෝම්බය අහුලාගත් දරුවාගෙන් හා නිවැසියන්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන වැඩිදුර විමර්ශන කිරිම සදහා අක්‍රිය කරන ලද අත් බෝම්බය පොලිස් භාරයට ගෙන ඇති බවයි.
පාසල් දරුවාට මෙහි තිබු අවදානම පිලිබදව පොලීසිය අවවාද කර තිබෙනවා.
බෝලයක් යැයි සිතා අහුලාගත් අත්බොම්බය ගැලවිමට උත්සාකර ඇතත් එය ක්‍රියාත්මක නොවිම දරුවාගේ වාසනාවක් බව පොලිසිය පැවසුවා.