
භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ලබන 15
භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමේ වෙන්දේසියක් ලබන 15 වනදා සිදු කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.
ඒ අනුව දින 91කින් කල්පිරෙන රුපියල් මිලියන 75,000ක, දින 182කින් කල්පිරෙන රුපියල් මිලියන 65,000ක සහ දින 364කින් කල්පිරෙන රුපියල් මිලියන 35,000ක භාණ්ඩාගාර බිල්පත් මෙහිදී වෙන්දේසි කිරීමට නියමිතයි.