
භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ලබන 23 වනදා
තවත් භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ලබන 23 වනදා සිදු කරන බව ශ්රී ලංකා මහ බැංකුව පවසනවා.
ඒ අනුව එහිදී රුපියල් මිලියන 115,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කිරීමට නියමිතයි.
දින 91කින් කල්පිරෙන රුපියල් මිලියන 30,000ක, දින 182කින් කල්පිරෙන රුපියල් මිලියන 60,000ක සහ දින 364කින් කල්පිරෙන රුපියල් මිලියන 25,000ක භාණ්ඩාගාර බිල්පත් මෙහිදී වෙන්දේසි කෙරෙනු ඇති.