
භාතියගේ සෞඛ්‍ය තත්ත්වය ඉතා දුර්වල බව පේරාදෙනිය පශූ වෛද්‍යවරුන් කියයි
ඉදිරි දකුණු පාදයේ ආබාධයක් හේතුවෙන් දැඩි ලෙස රෝගාතුරව මහව පොල්පිතිගම ප්‍රදේශයේ වතුර වලක ඇද වැටී සිටින භාතිය හස්තියාගේ සෞඛ්‍ය තත්ත්වය ඉතා දුර්වල මට්ටමක පවතින බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ මහාචාර්ය අශෝක දංගොල්ල මහතා පවසනවා.
ඒ අනුව අදාල පිරිස සිදු කළ පරීක්ෂාවන්ගෙන් අනාවරණය වී ඇත්තේ හස්තියාගේ මොලයේ හෝ කශේරුකාවට වෙඩි ප්‍රහාරයක් වැදීමෙන් බලපෑමට ලක්ව ඇති බවටයි.
ඉදිරි දකුණු පාදයට වෙඩි වැදී ඉදිමීමත් සමඟ දැඩි ලෙස රෝගීව මෙම භාතිය හස්තියා මහව පොල්පිතිගම ප්‍රදේශයේ වතුර වලක ඇද වැටී සිටින්නේ දින කිහිපයක සිටයි.
ඇතු පිළිබඳව මිනිසුන් සංවේදීව සිටින නිසාම ලයිව් ඇට් ශ්‍රී ලංකා අප , මේ ඇතු සොයා ගියේ භාතිය ගැන සත්‍ය ඔබ වෙත ළඟා කිරීමේ අරමුණින්.
මෙලෙස දැඩි ලෙස රෝගාතුර වීමට ප්‍රථම අවස්ථා කිහිපයකදීම මහව වනජීවි නිලධාරීන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශූ වෛද්‍ය නිලධාරීන් සහ නිකවැරටිය පශුවෛද්‍ය නිලධාරීන් එක්ව භාතිය ඇතා නිර්වින්දනය කර ප්‍රතිකාර කටයුතු සිදු කළ අතර ප්‍රතිජීවක ඖෂධ ලබා දීමද සිදු කර තිබුණා.
වනජීවී නිලධාරීන් හා සම්බන්ධ වී ඇති යුද හමුදා බටපිරිස්, ඇතා මුදවාගැනීමේ ඉදිරි කටයුතුවල නියලී සිටින බවයි යුද හමුදාව සඳහන් කළේ.
එහිදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය කණ්ඩායමක් රෝගීව සිටින හස්තියාගේ රුධිර සාම්පල් සහ සෙම සාම්පල් ලබා ගෙන පරීක්ෂණ සඳහා යොමු කර තිබුණා.
අදාල රුධිර පරීක්ෂණවලින් අනාවරණ වී ඇත්තේ ඇතාගේ පෝෂණ තත්ත්වය වඩාත් දුර්වල තත්ත්වයක පවතින බවටයි.
ඒ අනුව භාතිය හස්තියාගේ ඉදිරි කටයුතු තීරණය කිරීම සදහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පිඨයේ මහාචාර්ය අශෝක දංගොල්ල මහතා ද අද එම ස්ථානය නිරීක්ෂණයකට එක්වුණා.
ඔවුන්ගේ උපදෙස් පරිදි ජලය පීරී තිබු භාතිය හස්තියා රැඳී සිටි වතුර වල හිස් කිරීමට යුධ හමුදා නිලධාරීන් සහ වනජීවී නිලධාරීන් කටයුතු කරනු ලැබුවා.
අනතුරුව මහාචාර්ය අශෝක දංගොල්ල මහතා ඇතුළු පිරිස භාතිය හස්තියා පරික්ෂා කරනු ලැබුවේ මෙලෙසින්.
අනතුරුව අද පස්වරුවේ මිනිස් ශ්‍රමය මෙන්ම යන්ත්‍ර සුත්‍ර ද යොදා ගනිමින් භාතිය හස්තියා මේ වනවිට රැඳී සිටින වතුර වලේ පසෙකට ඉවත් කිරීමේ කටයුතු සිදුකෙරුණා.
මේවනවිට දැඩි ලෙස දුර්වලවී සිටින හස්තියාගේ පෝෂණ මට්ටම ඉහල නැංවීමට මේ වනවිට කටයුතු කරමින් සිටින බවටයි පශු වෛද්‍ය නිලධාරීන් සඳහන් කරන්නේ.
යුධ හමුදාවේ නිලධාරීන් මෙන්ම වනජීවී අඩවි නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව භාතිය හස්තියාට ආහාර ලබා දීම ද මෙලෙස සිදු කරනු ලබනවා.