භාතියට ප්‍රතිකාර කරන්න යුද හමුදාව යයි

භාතියට ප්‍රතිකාර කරන්න යුද හමුදාව යයි

මීට මාස දෙකකට පමණ පෙර වෙඩි වැදීමකින් තුවාල ලබා ප්‍රතිකාර මත නිකවැරටිය, මානිගම ප්‍රදේශයේ සැරිසරමින් සිටි භාතිය නම් දළ ඇතා වතුර වලක වැටී අනතුරට ලක්ව ඇති බව දැන ගැනීමෙන් වහා ඊට මැදිහත් වූ රාජ්‍ය ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්තා මහතා මේ පිළිබදව සොයා බලා මෙම ඇතාගේ ජීවිත අරාක්ෂාව සැලසීම සදහා කටයුතු කරන ලෙසට යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගෝ මහතා වෙත උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ අනුව යුද හමුදාපතිවරයා ලබාදුන් උපදෙස් මත ක්‍රියාත්මකවූ 15 වන ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තු සහ 9 වැනි ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවට අයත් භටපිරිස් වනජීවී නිලධාරීන් පැමිණෙන තෙක් ඇතාගේ ආරක්‍ෂාව තහවුරු කිරීම සදහා කටයුතු කිරීමට අවශ්‍ය පියවර ගෙන තිබෙනවා.

එම අතරවාරයේදී දැඩි අව් රශ්මියෙන් පීඩාවිදිමින් සිටි ඇතාගේ සිරුර ජලයෙන් සිසිල් කිරීමට කටයුතු කළ හමුදා භටපිරිස් අව් ආවරණයක් ඉදිකර ඇතා අව්‍ රශ්මියෙන් ආරක්ෂා කර ගැනීමට කටයුතු කර තිබුණා.

මීට අමතරව වැලි කොට්ට යොදා හිස් රදවනයක් සාදා ඇතාගේ හිස ජලය තුලට වැටීම වලක්වා ඇත. මේ වනවිට එම ස්ථානයට පැමිණ සිටින වනජීවී නිලධාරීන් හා සම්බන්ධවී ඇති යුද්ධ හමුදා බටපිරිස්, ඇතා මුදවාගැනීමේ ඉදිරි කටයුතුවල නියලී සිටී.

 

 

Share This