භූමිතෙල් මිල දී ගැනීමට දින 10ක් තිස්සේ පෝලිමේ

භූමිතෙල් මිල දී ගැනීමට දින 10ක් තිස්සේ පෝලිමේ

හැටන් කොටගල නගරයේ පිහිටි සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල අසල භූමිතෙල් මිල දී ගැනීම සඳහා පාරිභෝගියන් දින 10 ක් තිස්සේ පෝලිම්වල රැඳී සිටින බව අප වාර්තාකරුවන් සඳහන් කළා.

එම පාරිභෝගිකයන් කියා සිටින්නේ ප්‍රදේශයේ පවතින අයහපත් කාලගුණ තත්ත්වයද නොතකා දිනපතා අලුයම ඉන්ධන පිරවුම්හල අසලට පැමිණ භූමිතෙල් ලබා ගැනිමේ අපේක්ෂාවෙන් පෝලිම්වල රැඳී සිට රාත්‍රී කාලයේ ආපසු නිවාස කරා යන බවයි.

ඉන්ධන පිරවුම්හලේ සේවකයින්ද තමන්ට කිසිවක් ප්‍රකාශ නොකරන බවත්, නිශ්චිත වශයෙන් තෙල් නිකුත් කරන දිනය පවසන්නේ නම් තමන් පීඩාවට පත් නොවන බවත් පාරිභෝගිකයන් වැඩිදුරටත් සඳහන් කරනවා.

Share This