මගීන් 100ක් සිටි යාත්‍රාවක් ගිනිගනී (VIDEO)

මගීන් 100ක් සිටි යාත්‍රාවක් ගිනිගනී (VIDEO)

මගීන් 100ක් පමණ සිටි යාත්‍රාවක් දකුණු තායිලන්තයේ වෙරළට ඔබ්බෙන් වූ සූරත් තානි ප්‍රදේශයේදී ගිනිගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

සූරත් තානි සිට ජනප්‍රිය සංචාරක දූපතක් වන කෝ තාඕ දක්වා ගමන් කළ රාත්‍රී සේවයක් වන මෙම යාත්‍රාව ගින්න ආරම්භ වන විට එහි ගමනාන්තයට ළගාවී සිටියා.

සමහර මගීන් ගින්නෙන් බේරීමට මුහුදට පැන ඇති බව සඳහන්.

කෙසේ වෙතත් ගින්නෙන් කිසිවෙකුට තුවාල සිදුවී නොමැති බව බලධාරීන් තහවුරු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Share This