
මගී ජීවිත අනතුරේ හෙලූ බස් කොන්දොස්තරට සහ රියැදුරුට වැඩ වරදී
කුඹුක්කන ප්රදේශයේදී ගංවතුර මැදින් ගමන් කරමින් මගීන්ගේ ජීවිත අනතුරේ හෙලූ මොණරාගල – කොළඹ බස් රථයේ කොන්දොස්තරවරයාට සහ රියැදුරුට මාසයක කාලයක් සේවය තහනම් කිරීමට කිරීමටද ජාතික ගමනාගමන කොමිෂන් සභාව නියෝග කර තිබෙනවා.
අදාළ සිදුවීමට එරෙහිව ජාතික ගමනාගමන කොමිෂන් සභාව බස් රථයේ හිමිකරු සහ කොන්දොස්තර ජාතික ගමනාගමන කොමිෂන් සභාව හමුවට කැඳවා ප්රශ්න කිරීමෙන් පසුවයි මෙම ක්රියාමාර්ගය ගෙන තිබෙන්නේ.
මෙහිදී ඔවුන්ගේ වැරදි හැසිරීම පිළිබඳව පැවැත්වූ විමර්ශනයෙන් අනතුරුව, බස් රථයේ මාර්ග බලපත්රයද සති දෙකකට අත්හිටුවීමට කොමිෂන් සභාව තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.
