
“මගේ ආරක්ෂකයාට පිල්ලෙයාන්ට කතාකරන්න කිව්වෙ මමයි” – රනිල්
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියාට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවක් ලබා දීමට පොලිස් මූලස්ථානය පියවර ගත්තා.
එම ක්‍රියාවලියට අනුව රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා වූ ප්‍රධාන පොලිස් පරීක්ෂක අශෝක ආරියවංශ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි කන්කසන්තුරය පොලීසිය වෙතයි මාරු කර තිබෙන්නේ.
අශෝක ආරියවංශ මහතා වසර 23ක් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂක ඒකකයේ මෙන්ම වසර 15ක් රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධාන පෞද්ගලික ආරක්ෂක නිලධාරියා ලෙස කටයුතුකර තිබෙනවා.
පොලිසිය සදහන් කරන ආකාරයට මේ තීරනයට හේතුවී ඇත්තේ ඔහු අත්අඩංගුවේ සිටින පිල්ලෙයාන් සමග කතා කිරීමට උත්සහ කිරිමයි.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසන්නේ තමන්කල ඉල්ලිමක් මත ආරක්ශක නිලාධාරියා පිල්ලෙයාන්ට කතා කිරීමට උත්සහ කල බවයි.