මත්කුඩු ව්‍යාපාරිකයෙක්ට අයත් ‘සුපිරි’ වෙළඳසැලක්
අපරාධ කල්ලි සාමාජිකයෙකු සහ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන මිදිගම නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් ‘හරක් කටා’ නැමැත්තාගේ ගෝල අසුන් චාමර නැමැත්තාට අයත් ව තිබූ තංගල්ල නාකුළුගමුව ප්‍රදේශයේ පිහිටි සුපිරි වෙළඳසැලක භාණ්ඩ සතොස ආයතනයට සහ තවත් රාජ්‍ය ආයතන කිහිපයකට බාරදෙන ලෙසට අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබෙනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන අංශය සිදුකරන විමර්ශනයකට අදාළව මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.
වලස්මුල්ල ප්‍රදේශයේ පදිංචි අසුන් චාමර නැමැත්තා තවත් පුද්ගලයෙකු සමඟ ඉකුත් මාර්තු මස එකොළොස් වැනි දා මෙම ව්‍යාපාරය ආරම්භ කර ඇති බව වාර්තා වනවා.
එම ආයතනයේ තිබූ විදුලි උපකරණ ඇතුළු අනෙකුත් භාණ්ඩ තවත් රාජ්‍ය ආයතන කිහිපයකට ලබාදීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා තිබුණා.
දකුණු මුහුදු තීරයේ වැලිගම මිරිස්ස ප්‍රදේශයේ දී වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ දෙසිය දහනමයක් සමඟ සැකකරුවන් එකොළොස් දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවේ ඉකුත් ජුනි මස එකොළොස් වැනි දා යි.
එම මත්ද්‍රව්‍ය මෙරටට රැගෙන එනු ලැබූ බහුදින ධීවර යාත්‍රා හිමිකරු වන අසුන් චාමර රැඳවුම් නියෝග මත මත්ද්‍රව්‍ය කාර්යාංශය රඳවා ගනු ලැබ සිටිනවා.