මත්ද්‍රව්‍ය වැරදිවලට ඊයේ දිනයේත් පුද්ගලයන් 423 ක් අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය වැරදිවලට ඊයේ දිනයේත් පුද්ගලයන් 423 ක් අත්අඩංගුවට

පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය හා ත්‍රිවිධ හමුදාව එක්ව ඊයේ දිනයේ (02) සිදුකළ මෙහෙයුම් වලින් පුද්ගලයන් 423 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර අපරාදවලට සෘජු ලෙස සම්බන්ධ පුද්ගලයන් 13 දෙනෙකුද අත අඩංගුවට පත්ව ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා.

එම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක් වුණේ පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ ත්‍රිවිධ හමුදාවේ 5735 දෙනෙකු සම්බන්ධ වී මෙම විශේෂ සෝදිසි මෙහෙයුම් සිිදුකළ බවයි.

එහිදී පුද්ගලයන් 23157 ක්ද, වාහන 9876ක්, යතුරු පැදි 6794 ක් පරීක්ෂාවට ලක් කර තිබෙනවා.

මෙම වැටලීම්වලදී හෙරොයින් සම්බන්ධයෙන් පුද්ගලයන් 423 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර වරෙන්තකරුවන් 332 දෙනෙකුද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මහජන ආරක්ෂක අමාත්‍යාංශය සදහන් කළේ එකී මෙහෙයුම් තුළදී දේශියව නිෂ්පාදනය කළ නීති විරෝධී ගිනි අවි 02ක්ද පොලීසිය බාරයට ගත් බවයි.

පසුගිය ජනවාරි 01 වැනිදා සිට අගෝස්තු 01 දින දක්වා වන මාස 07ක කාලය තුළ හෙරොයින් කිලෝ 930 කට වැඩි ප්‍රමාණයක්, එම වැරදි සම්බන්ධයෙන් පුද්ගලයන් 37,251 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසන්නේ අදාල මාස 07ක කාලය තුළ දී පමණක් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 1398 කට අධික ප්‍රමාණයක් සොයා ගත් බවයි.

මෙම කාලය තුළදී ගංජා වැරදි සම්බන්ධයෙන් පුද්ගලයන් 40,404 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර ගංජා කිලෝ 11, 438 ක් පොලීසිය සොයාගෙන තිබෙනවා.

 

Share This