මත්ද්‍රව්‍ය සහ මානසික ආබාධ මත ශ්‍රී ලාංකික 2 නෙක් ඊශ්‍රායලයෙන් ආපසු හරවා එවයි

මත්ද්‍රව්‍ය සහ මානසික ආබාධ මත ශ්‍රී ලාංකික 2 නෙක් ඊශ්‍රායලයෙන් ආපසු හරවා එවයි

ඊශ්‍රායලයේ ඉදිකිරිම සේවාවන් සඳහා ගොස් අයහපත් හැසිරීම හේතුවෙන් තවත් ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු ඊයේ (25) ඊශ්‍රායලයේ සිට ඩුබායි හරහා කොළඹ බලා පිටත් කර එවා තිබෙනවා.

ඔවුන් දෙදෙනා පිටත් කර එවා ඇත්තේ අදාළ පුද්ගලයන්ගේ පවුල්වල සාමාජිකයන් විසින් කරන ලද ඉල්ලීම් අනුවයි.

එක් අයෙක් මත්ද්‍රව්‍ය භාවිතාකර රැකියාවට නොගොස් විවිධ ස්ථානවල ඇවිදිමින් සිට ඇති අතර දෙවන පුද්ගලයා ද මානසික ආතතිය මත සේවා ස්ථානයෙන් පැනගොස් රැකියාවක් නොකර විවිධ ස්ථානවල සිටිය දී ශ්‍රී ලාංකිකයන් විසින් තානාපති කාර්යාලයට භාර දීමට කටයුතු කළ අයෙක්.

ඔවුන් දෙදෙනාගේම ගුවන් ගමන් බලපත්‍ර අස්ථාන ගතවී තිබුණු අතර තානාපති කාර්යාලය අය කිරීමකින් තොරව ඔවුනට තාවකාලික ගමන් බලපත්‍ර දෙකක් නිකුත් කර තිබෙනවා.

ඊශ්‍රායිල් – ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කම්කරු හා සුබසාධන අංශයේ උපදේශක නිල්මිණි අබේගුණසේකර මහත්මිය හා පරිවාරක නිලධාරී සුජීව එලේගොඩ මහතා කටයුතු සම්බන්ධීකරණය කර තිබෙනවා.

පසුගිය කාලය පුරා මෙවැනි මත්ද්‍රව්‍ය සඳහා හුරුවූ සහ මානසික ආබාධ සහිත පුද්ගලයන් 12 දෙනෙකු පමණ ශ්‍රී ලංකාවට නැවත පිටත්කර එවීමට පියවර ගෙන තිබුණා.

Share This