
මත්පැන් මිල අඩු කරන කතාවේ ඇත්ත මෙන්න
මෙම වසරේ මත්පැන් නිෂ්පාදනය 40%කින් කඩා වැටී ඇති බව වැඩබලන මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.
අද (25) ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනේ දී පුවත්පත් වාර්තාවක් උපුටා දක්වමින් සඳහන් කෙරුණේ ඉලක්කගත සුරාබදු ආදායම 30%කින් පහළ ගොස් ඇති බවයි.
කෙසේ වෙතත් මත්පැන් මිල පහළ දැමීමට රජයේ කිසිම සුදානමක් නොමැති බවද වැඩ බලන මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කර තිබෙනවා.