
මතුගම ප්‍රාදේශීය සභාවේ තවත් 4ක් සජබට එක්වෙයි
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහ සමගි ජන බලවේගයට සහාය පළ කිරීමෙි අරමුණින් මතුගම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීිවරුන් පිරිසක් සමගි ජන බලවේගය සමග එක් වී තිබෙනවා.
ඒ අද කොළඹදී සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවීමෙන් අනතුරුවයි.
එලෙස එක්වුණු පිරිස අතර ස්වාධීන කණ්ඩායම් 1 කණ්ඩායම් නායක කසුන් නිරෝෂණ මුණසිංහ, නාරවිල සමිතවංශ හිමි, විජිතා දර්ශනී කුමාරි ද සිල්වා සහ චමිලානි රුවන්දිකා යන අය වනවා.