මන්ත්‍රි ෆයිසාල් ගමන් ගත් වාහනයේ ගැටී පුද්ගලයෙකු මරුට

මන්ත්‍රි ෆයිසාල් ගමන් ගත් වාහනයේ ගැටී පුද්ගලයෙකු මරුට

කොස්වත්ත, හාල්දඬුවන ප්‍රදේශයේදී ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි මොහොමඩ් ෆයිසාල් මහතා ගමන්ගත් වාහනයේ යතුරුපැදියක් ගැටී සිදු වූ අනතුරකින් පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා

පොලීසිය පැවසුවේ මන්ත්‍රීවරයා ගමන් ගත් මෝටර් රථය ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි

අනතුරෙන් යතුරුපැදියේ පැදිකරු බරපතළ තුවාල ලබා දංකොටුව රෝහලට ඇතුළත් කිරීමේදී මිය ගොස් ඇති බවයි

මෙලෙස මිය ගොස් ඇත්තේ 65 හැවිරිදි වියේ පසු වූ පතහවත්ත, වෙන්නප්පුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්

අනතුරට පත් කාර් රථයේ මන්ත්‍රී මොහොමඩ් ෆයිසාල් මහතා අද පාර්ලිමේන්තු සැසිවාරය සඳහා සඳහා සහභාගී වීමට ගමන් කරමින් සිටියදී මෝටර් රථයේ රියදුරුට නින්ද යාමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි දැනට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ

අනත-ුර සම්බන්ධයෙන් මෝටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා

Share This