රෝහිණීගේ විරෝධය

රෝහිණීගේ විරෝධය

සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කිරීමේ රැලියක් දඹුල්ලේදී පවත්වා තිබෙනවා.

එම රැලියට සහභාගී වී සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහතා ඉවත්ව යනතුරු වේදිකාවට ගොඩවීම ප්‍රතික්ෂේප කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න මහත්මිය විරෝධය පළ කර තිබෙන බව සඳහන්.

පසුව ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පැමිණීමට පෙර ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහතා වේදිකාවෙන් ඉවත්ව ගිය බවයි වාර්තා වන්නේ.

Share This