මන්ත්‍රී රෝහිත ගේ දුව ඇප මත මුදාහරී

මන්ත්‍රී රෝහිත ගේ දුව ඇප මත මුදාහරී

අත්අඩංගුවට පත්ව සිටි, පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධනගේ දියණිය ඇප මත මුදා හැරීමට අද (31) නියෝග කළා.

මෙම නියෝගය ලබාදී ඇත්තේ ඇය අද මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

රුපියල් ලක්ෂ 20 බැගින් වූ ශරීර ඇප 02 ක් මත ඇය මුදාහැරීමට අධිකරණය නියෝග කළා.

කොටස් එකලස් කර තනන ලද සැකකටයුතු ජීප් රථයක් සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණ වලට අදාලව ඇය පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය වෙත පැමිණ ඊයේ බාර වූණා.

Share This