මන්දාරම් නුවර, බස් ත්‍රී රෝද රථ අනතුරකින් පුද්ගලයෙක් හතර දෙනකුට බරපතලයි (VIDEO)

මන්දාරම් නුවර, බස් ත්‍රී රෝද රථ අනතුරකින් පුද්ගලයෙක් හතර දෙනකුට බරපතලයි (VIDEO)

 

මන්දාරම් නුවර, මාරතුවෙල ,එළ මුල්ල ප්‍රදේශයේ පිරිසක් අද අළුයම, දළදා වහන්සේ වන්දනා කිරීමට පිටව ගොස් තිබෙනවා.

වන්දනා කටයුතුවලින් අනතුරුව පිරිස යළි මන්දාරම් නුවර බලා පැමිණෙමින් සිටියදී ඔවුන් ගමන් කළ තිරෝද රථය, හඟුරන්කෙත, රිකල්ලගස්කඩ මාර්ගයේ කටුගස්හින්න හුළං වංගුව ප්‍රදේශයේදී රිකිල්ලගස්කඩ සිට අධිකාරිගම ප්‍රදේශයේ බලා ධාවනයවූ පුද්ගලික බස් රථයක ගැටී තිබෙනවා.

අනතුරින් රථයේ ගමන් ගත්තු 46 හැවිරිදි කාන්තාවක් එම ස්ථානයේදීම මියගොස් තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ මාර්තුවෙල එලමුල්ල ප්‍රදේශයේපදිංචි කමලා ජයසේකර නම් කාන්තාවකි.

අනෙක් තුවාලකරුවන් රිකිල්ල ගස්කඩ දිසා මූලික රෝහලට රැගෙන ගොස් තිබූ අතර අසාධ්‍ය තත්ත්වයේ පසුවු 14 හැවිරිදි කුඩා දරුවෙකු ඇතුළු පිරිසක් මහනුවර ශික්ෂණ රෝහලට ඇතුලත්කර තිබෙනවා.

Share This