මර්වින් සිල්වාට ප්‍රසන්න රණවීරට ඇප නැහැ

මර්වින් සිල්වාට ප්‍රසන්න රණවීරට ඇප නැහැ

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය මර්වින් සිල්වා සහ හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර ඇතුළු තවත් සිව් දෙනෙකුට එරෙහිව නඩුව මහර මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගැනුණා.

ඒ ස්කයිප් තාක්ෂණය ඔස්සේයි.

කිරිබත්ගොඩ ප්‍රදේශයේ රජයට අයත් ඉඩමක් ව්‍යාජ ඔප්පු සකස් කොට විකුණූ බවට සැකපිට අත්අඩංගුවට ගැනීමෙන් පසුවයි හිටපු අමාත්‍ය මර්වින් සිල්වා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින්නේ.

එමෙන්ම හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර ඇතුළු තවත් සිව් දෙනෙකුට එරෙහිව නඩුවද මහර මහේස්ත්‍රාත් අධිකරණයේදී ස්කයිප් තාක්ෂණය ඔස්සේ විභාගය කෙරුණා.

කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය ඔවුන් ලබන 23 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි නියෝග කළේ.

Share This